රූට්ගේ ශතකය හා ඇට්කින්සන්ගේ අර්ධ ශතකය හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්තයට

Date:

ජෝ රූට්ගේ විශිෂ්ඨ ශතකය හමුවේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(29) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 358 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ගස් ඇට්කින්සන් ලකුණු 74 ක් හා මැතිව් පොට්ස් ලකුණු 20 ක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටිනවා.

එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 216 දී දැවී ගිය නමුත්, අනතුරුව ජෝ රූට් සමග පිටියේ එක් වූ ඇට්කින්සන් 7 වැනි කඩුල්ලට ලකුණු 92 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවෙන් තරගයේ පාලනය උදුරා ගැනීමට සමත් වුණා.

රූට් ලකුණු 143 ක් රැස් කළේ හතරේ පහර 18 ක් සමගින්. අද ඔහු වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 33 වැනි ශතකයයි.

බෙන් ඩකට් ලකුණු 40 ක් හා හැරී බෲක් ලකුණු 33 ක් රැස් කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් දවා ගත් අතර, ප්‍රභාත් ජයසූරිය ද එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...