ඇට්කින්සන් දවා ගන්න මිලාන් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක අද(30) සමත් වුණා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වන අද දිනය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 358 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 427 ක්.

ජෝ රූට් ලකුණු 143 ක් හා ගස් ඇට්කින්සන් ලකුණු 118 ක් ලබා ගනිමින් එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 5 ක් දවා ගත් අතර, මිලාන් රත්නායක හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස ඇට්කින්සන් දවා ගැනීම සදහායි මිලාන් රත්නායක විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...