හර්ෂිතාගේ රයිඩර්ස් පරදා WCPL ශූරතාවය චමරිගේ රෝයල්ස් පිලට

Date:

කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු නියෝජනය කළ බාර්බඩෝස් රෝයල්ස් කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරමින්. මෙවර තරගාවලියේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ද ක්‍රීඩා කළ නමුත්, ඇය අවසන් තරගයට එක් වූයේ නැහැ.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 93 ක් ලබා ගත්තා. Aaliyah Alleyne ලකුණු 21 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු හයක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චමරි අතපත්තු නොදැවී ලකුණු 39 ක් ලබා ගනිමින් රෝයල්ස් පිල ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පසුගිය තරග වාරයේ දී ද WCPL තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...