Women’s T20 Asia Cup : පාකිස්තානයට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක්

Date:

කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරදා කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම අද(23) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 103 ක් ලබා ගත්තා.

Theertha Satish ලකුණු 40 ක් රැස් කළ අතර, Sadia Iqbal, Nashra Sandhu හා Tuba Hassan කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 14.1 ක් අවසානයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Gull Feroza නොදැවී ලකුණු 62 ක් හා Muneeba Ali නොදැවී ලකුණු 37 ක් ලබා ගත්තා.

මේ වන විට මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ සියලු තරග පාකිස්තානය ක්‍රීඩා කර අවසන්ව ඇති අතර, ඔවුන් තරග තුනෙන් තරග දෙකක් ජය ගැනීමට සමත් වුණා.

ප්‍රසාද ලකුණු 4 ක් සමග පාකිස්තානය “ඒ” කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...