Women’s T20I Rankings : ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැසක් ඉදිරියට

Date:

නවතම අයි.සී.සී කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(23) නිවේදනය කළා.

ඊට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ, මෙවර විස්සයි 20 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

තරගාවලියේ දී මේ දක්වා අපරාජිත කණ්ඩායමක් බවට පත්ව සිටින ශ්‍රී ලංකාව පළමු තරග දෙකේ දී බංග්ලාදේශය හා මැලේසියාව පරදා විශිෂ්ඨ ජයග්‍රහන වාර්තා කළා.

එහිදී පන්දු යැවීමෙන් කැපී පෙනෙන දක්ෂතා දැක් වූ ඉනෝෂි ප්‍රියදර්ශනී හා උදේශිකා ප්‍රබෝදනී පන්දු යවන්නියන් අතර ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඉනෝෂි මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකේ දී කඩුලු 3 ක් දවා ගත් අතර, ඇය විස්සයි 20 පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඇයට ශ්‍රේණිගත ලකුණු 729 ක් හිමිව තිබෙනවා. පළමු ස්ථානයේ පසුවන එංගලන්තයේ Sophie Ecclestone ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 772 ක්.

එමෙන්ම උදේශිකා ප්‍රබෝදනී 30 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉදිරියට පැමිණීමට ද සමත්ව සිටිනවා.

මේ අතර, මැලේසියාවට එරෙහිව වාර්තාගත ශතකයක් වාර්තා කළ චමරි අතපත්තු තවදුරටත් පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

හර්ෂිතා සමරවික්‍රම 23 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, විශ්මි ගුණරත්න 51 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 7 කින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...