Watch : Tigers පිලට ජය ගෙන ආ අසේලගේ සුපිරි ඉනිම මෙන්න

Date:

අසේල ගුණරත්න පන්දු 29 කින් නොදැවී වාර්තා කළ ලකුණු 51 හමුවේ මෙවර Legends League Cricket තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Manipal Tigers කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී Urbanrisers Hyderabad කඩුලු පහකින් පරාජයට පත් කරමින්.

ඉන්දියාවේ Surat හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ Tigers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව Urbanrisers Hyderabad කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබා ගනිමින්.

Rikki Clarke නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තේ පන්දු 52 කින්. Gurkeerat Singh Mann ලකුණු 64(36)යි.

පන්දු යැවීමේ දී Pankaj Singh කඩුලු 2ක් දවා ගත් අතර, Mitchell McClenaghan හා තිසර පෙරේරා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Tigers කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 6ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

Tigers කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය අසේලගේ සුපිරි ඉනිමට හයේ පහර 5ක් ඇතුළත් වුණා. රොබින් උතාපා ලකුණු 40(27) ක් ද, ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 30(23) ක් ද, තිසර පෙරේරා ලකුණු 25(13) ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Stuart Binny ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අසේල ගුණරත්නගේ සුවිශේෂි ඉනිම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...