එංගලන්තය පරදා වසර 16 කට පසු කොදෙව්වන්ට එක්දින තරගාවලි ජයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 4ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

මෙය 2007 වසරෙන් පසුව කොදෙව්වන් හමුවේ එංගලන්තය එක්දින තරගාවලියක් පරාජයට පත් වූ පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

බාර්බඩෝස්හි පැවැති තරගය ආරම්භ කිරීම වර්ෂාව හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් ප්‍රමාද වූ අතර, ඒ අනුව පළමුව තරගය එක් ඉනිමක් පන්දුවාර 43 කට සීමා කරමින් ආරම්භ කිරීමටයි තීරණය කෙරුණේ.

කෙසේ වෙතත්, කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිමට ද යළි වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 40කට සීමා කිරීමට සිදු වුණා.

එංගලන්තය නියමිත පන්දුවාර 40 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින්.

තරගයට යළි යළිත් වර්ෂාවෙන් එල්ල වූ බාධා වීම හමුවේ කොදෙව්වන්ට තරගය ජය ගැනීමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 34 කදී අවශ්‍ය වූ ඉලක්කය ලකුණු 188 ක්.

කොදෙව්වන් පන්දුවාර 31.4 ක් අවසානයේ කඩුලු 6ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙම තරගයේ දී එංගලන්තය වෙනුවෙන් බෙන් ඩකට් ලකුණු 71 ක් හා ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 45 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මැතිව්ස් ෆෝර්ඩ් හා අල්සාරි ජෝසප් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

කොදෙව් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කේසි කාර්ති. ඔහු ලකුණු 50 ක් ලබා ගත් අතර, Alick Athanaze ලකුණු 45 ක් ද, රොමාරියෝ ෂෙපර්ඩ් නොදැවී ලකුණු 41(28) ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී විල් ජැක්ස් ලකුණු 22 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...