තණතීරුවේ භයානක හැසිරීම හේතුවෙන් BBL තරගයක් අතරමගදී අවලංගු කෙරේ

Date:

Melbourne Renegades කණ්ඩායම හා Perth Scorchers කණ්ඩායම අතර අද (10) පැවැත්වීමට නියමිතව තිබූ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගය තණතීරුව නුසුදුසු වීම හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අත්හැර දැමුණා.

ඒ අනුව මෙම තරගයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 6.5 ක් පමණයි.

කාසියේ වාසිය දිනූ මෙල්බර්න් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි පර්ත් කණ්ඩායම තරගය පන්දුවාර 6.5 ක් අවසානයේ දී නතර කිරීමට විනිසුරුවන් තීරණය කරන විට කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 30 ක්.

ජීලෝන්ග් හී දී මෙම තරගය පැවැති අතර, ඊයේ රාත්‍රීයේ දී ඇද හැළුනු දැඩි වර්ෂාව හේතුවෙන් තණතීරුව දැඩි ලෙස තෙත් වී තිබුණා.

කෙසේ වෙතත්, තරගය පැවැත්වීමට හැකි වන පරිදි සකස් කර දීමට ක්‍රීඩාංගන සේවකයින් කටයුතු කළ නමුත්, තණතීරුව තුළ පන්දුව අසාමාන්‍ය ලෙස ඉපිලීමක් සිදු වනු දක්නට ලැබුණා. (දර්ශන කිහිපයක් පහතින්)

ඒ අනුව පිතිකරුවන්ගෙන් ලද පැමිණිලි ද සැලකිල්ලට ගෙන විනිසුරුවන් විසින් සිදු කළ දීර්ඝ සාකච්ඡාවකින් හා නිරීක්ෂණය කිරීමකින් පසුව තරගය නතර කිරීමටයි පියවර ගැණුනේ.

ඒ වන විට Josh Inglis නොදැවී ලකුණු 3(7) ක් හා Aaron Hardie නොදැවී ලකුණු 20(23) ක් ලබා සිටියා.

තණතීරුව භයානක ලෙස හැසිරීම හේතුවෙන් තරගය අවලංගු කළ බවයි විනිසුරු Ben Treloar තරගයෙන් පසුව සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...