“මම ගොඩක් කම්පනයට පත් වුණා” : චමරි අලෙවි නොවීම ගැන මුම්බායි පුහුණුකරු කියපු දේ

Date:

කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් වෙන්දේසිය ඊයේ පස්වරුවේ මුම්බායි හී දී නිමා වුණේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීමට ගත් තීරණය ලොව පුරා බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට ලක් කරමින්.

මේ වන විට එම තීරණය සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රීඩා විචාරකයින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩා මාධ්‍ය දැඩි විස්මයක් පල කර තිබීම කැපී පෙනෙනවා.

මීට දින කිහිපයකට පෙර නිමා වූ ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ වීරවරිය සම්මානයෙන් පිදුම් ලැබුවේ චමරි අතපත්තු.

එම තරගාවලියේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කළ චමරි ඉනිම් 14 කදී ලකුණු 552 ක් රැස් කළා. ඒ, ඉනිමක සාමාන්‍ය 42.46 ක් ලෙස සටහන් කර ගනිමින්. තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභිනිය වූයේ ද ඇයයි.

ඒ අනුව ඊයේ පැවැති වෙන්දේසිය ආරම්භ වීමට පෙර බොහෝ ක්‍රීඩා විචාරකයින් මත පල කර තිබුණේ චමරි අතපත්තු ඉහළ ලංසුවකට එළඹෙන කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් අලෙවි වනු ඇති බවටයි.

කෙසේ වෙතත්, එම මත දැරූවන් ද සම්පූර්ණයෙන්ම මවිතයට පත් කරමින් චමරිව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් වෙන්දේසියේ දී ඉදිරිපත් වූයේ නැහැ.

ඒ, පසුගිය වසරේ පැවැති ක්‍රීඩිකාවන් වෙන්දේසියේ දී ද මේ ආකාරයෙන්ම චමරි අතපත්තු මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවූ පසුබිමකයි.

අතපත්තු ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික වටිනාකමක් හිමි කාණ්ඩයෙන් වෙන්දේසිය සදහා මෙවර ඉදිරිපත් වී සිටියා. ශ්‍රී ලංකාවේ ඉනෝකා රණවීර ද ලියාපදිංචි වී සිටියේ ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික වටිනාකමක් හිමි කාණ්ඩය යටතේයි. නමුත්, ඔවුන් දෙදෙනාම අලෙවි වූයේ නැහැ.

චමරි අතපත්තු අලෙවි නොවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාරිණී Charlotte Edwards මාධ්‍ය වෙත සදහන් කර සිටියේ කිසිදු කණ්ඩායමක් විසින් ඇයව මිලදී නොගැනීම පිළිබද තමා දැඩි ලෙස කම්පනයට පත්ව ඇති බවයි.

“මම හිතුවේ ඇය ඉහළම මිලදී ගැනීම් තුනෙන් එකක් වේවි කියලා. ඇයව මිලදී නොගැනීම ගැන මම කම්පනයට පත්ව සිටිනවා. ඇය පසුගිය මාස 12 තුළ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට දස්කම් දැක්වූ උසස් තත්ත්වයේ ක්‍රීඩිකාවක්.” යනුවෙන් Charlotte Edwards කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...