Watch : SA20 තරගාවලියේ දී සන්රයිසස් පිලට එරෙහිව තීක්ෂණ දවා ගත් කඩුලු 2

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද(5) පැවැති තරගාවලියේ 27 වැනි තරගයේ දී ජෝබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණා.

ජොහැනස්බර්ග් හී දී පැවැති මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සන්රයිසස් ඊස්ටර්න් කේප් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වූ නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 92(61) ක් හා රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 40 ක් ලබා ගත් නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කර ගියේ නැහැ.

පන්දු යැවීමේ දී සිසන්ඩා මගාලා හා ඒඩ්න් මාක්‍රම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 136 ක් පමණක් ලබා ගනිමින්. ඒ අනුව සුපර් කිංග්ස් කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 24 ක ජයක් හිමි වුණා.

ටෙම්බා බවුමා ලකුණු 50 ක් ද, ඒඩ්න් මාක්‍රම් ලකුණු 34 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Kyle Simmonds කඩුලු 3 ක් දවා ගත් අතර, Romario Shepherd හා Gerald Coetzee කඩුලු 2 බැගින් දවා ගත්තා.

මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 31ක් ලබා දෙමින්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...