Watch : ඉෆ්ටිකාර් අහ්මඩ් එල්ල කළ හයේ පහර 6 මෙන්න

Date:

එක් පන්දුවාරයකදී හයේ පහරවල් හයක් එල්ල කිරීම ක්‍රිකට් පිටියේ දී වාර්තා වී ඇත්තේ ඉතා සුළු අවස්ථා ප්‍රමාණයකදී පමණයි.

මෙම සුවිශේෂී සමාජය වෙත සිය නම ද එක් කර ගැනීමට පාකිස්තාන පිතිකරු ඉෆ්ටිකාර් අහ්මඩ් අද(5) සමත් වුණා.

ඒ, පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැති ප්‍රදර්ශනාත්මක තරගයකදීයි.

මෙම තරගය පැවැත්වුණේ Quetta Gladiators කණ්ඩායම හා Peshawar Zalmi කණ්ඩායම අතරයි.

Quetta Gladiators ඉනිමේ 20 වැනි පන්දුවාරයේ දී යි වහබ් රියාස්ට එරෙහිව ඉෆ්ටිකාර් අහ්මඩ් මෙලෙස හයේ පහර 6 ක් එල්ල කළේ.

ඔහු මෙම ඉනිමේ දී නොදැවී ලකුණු 94 ක් ලබා ගත්තේ පන්දු 50 ක් පමණක් වැය කරමින්.

හයේ පහර හයේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...