Watch : MI කණ්ඩායමට එරෙහි මෙන්ඩිස්ගේ වේගවත් ඉනිම මෙන්න

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට ප්‍රෙටෝරියා කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භ පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා.

එම් අයි කේප් ටවුන් කණ්ඩායම සමග පැවැති මෙම තරගයෙන් කැපිටල්ස් කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළේ තරගයේ අවසන් පන්දුවේදීයි.

සෙන්චූරියන්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කේප් ටවුන් කණ්ඩායම පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 159 ක් ලබා ගත්තා.

රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 51 රැස් කළේ පන්දු 29 කින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කුසල් මෙන්ඩිස් පන්දු 25 කින් ලකුණු 39 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 7ක් සමගින්.(දර්ශන පහතින්)

රයිලි රොසෝව් ලකුණු 40ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී සෑම් කරන් ලකුණු 26කට කඩුලු 3 ක් බිද හෙලුවා.

https://twitter.com/cricday96/status/1621945827655815169?t=IE1JjQhwnrub1Yb6-LwdvQ&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...