Watch : IPL වරම් දිනූ මෙන්ඩිස් හිට් විකට් දැවී යාමකට ගොදුරු වූ හැටි

Date:

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් අද(30) ඉන්දීය ප්‍රිමියර් ලීග් වරම් හිමි කර ගැනීමට සමත් වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර අයි.පී.එල් තරගාවලියට එක්ව සිටින මෙන්ඩිස් අවසන් වටයේ දෙවැනි තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවයි අයි.පී.එල් වරම් දිනා ගත්තේ.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5 ක් දැවී ලකුණු 228 ක් ලබා ගත්තා.

පිළිතුරු ටයිටන්ස් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස මෙන්ඩිස් දැවී ගියේ අවාසනාවන්ත ලෙස හිට්විකට් දැවී යාමකට හසු වීමෙනුයි.

මිචෙල් සැන්ට්නර්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට පන්දු 10 කින් ලකුණු 20 ක් ලබා සිටියා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහරක් ද සමගින්.

ඔහු දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...