RCB 4 වැනි වරටත් අවසන් මහා තරගයට

Date:

සිව්වැනි වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අද(29) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.

මුල්ලන්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම පන්දුවාර 14.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 101 ක් පමණයි.

මර්කස් ස්ටොයිනිස් ලකුණු 26 ක් ලබා ගත් අතර, ප්‍රබ්සිම්රන් සිං හා අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 18 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ජොෂ් හේසල්වුඩ් හා සුයාෂ් ෂර්මා කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ RCB පිල පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

විරාත් කෝලි ලකුණු 12 කට දැවී ගිය අතර, මයාන්ක් අගාර්වල් ලකුණු 19 යි. පිල් සෝල්ට් නොදැවී ලකුණු 56ක් පන්දු 27 කින් වාර්තා කළ අතර, රාජත් පටිදර් නොදැවී ලකුණු 15 යි.

අවසන් වටයේ දෙවැනි තරගය හෙට (30) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...