Watch : කාගේත් අවධානය දිනූ හැරිස් රවුෆ්ගේ හොර උඩ පන්දුව

Date:

පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 37 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් වුණා.

ලාහෝර්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164 ක් පමණයි.

හසන් අලී පන්දුවාර 3.2 ක් තුළදී ලකුණු 30 කට බංග්ලාදේශයේ කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.

මේ අතර, මෙම තරගය අතරතුරදී හැරිස් රවුෆ් විසින් උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් එය අසාර්ථක වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

එම පන්දුව බිම පතිත වීමෙන් අනතුරුව ඔහු රැක ගන්නා නමුත්, එම අවස්ථාවේදී එය උඩ පන්දුවක් ලෙස තමන් රැක ගත් බවට ඔහුට දැඩි විශ්වාසයක් පැවැති ආකාරයක් දැක ගත හැකි වුණා.

කෙසේ වෙතත්, පුනරූපනවලින් එය නිසි අයුරින් රැක ගත් උඩ පන්දුවක් නොවන බව තහවුරු වුණා.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...