රිෂාබ් පාන්ට්ට රුපියල් කෝටියක දඩයක්

Date:

ලක්නව් සුපර් ජයන්ට්ස් නායක රිෂාබ් පාන්ට්ට එරෙහිව දඩ පැනවීමට අයි.පී.එල් සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටය යටතේ පැවැති අවසන් තරගයේදී ලක්නව් කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් නොකිරීම හේතුවෙන්.

මෙවර තරග වාරයේදී එම කණ්ඩායම මෙම වරද සිදු කළ තෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර අප්‍රේල් 5 වැනිදා හා අප්‍රේල් 26 වැනිදා පැවැති තරගවලදී ද ඔවුන් මෙම වරද සිදු කළා.

ඒ අනුව අයි.පී.එල් විනය නීති සංග්‍රහයට අනුව රිෂාබ් පාන්ට් හට ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක දඩ මුදලක් පනවා තිබෙනවා. එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 105 (කෝටියකට අධික) වටිනාකමක්.

එම තරගයේදී ලක්නව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සෙසු ක්‍රීඩකයින් 11 දෙනාට (Impact ක්‍රීඩකයා ඇතුළුව) ද ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක හෝ තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් පැනවෙනවා.

කෙසේ වෙතත්, ලක්නව් කණ්ඩායම තෙවරක් මෙම වරද සිදු කර ඇතත්, නායක රිෂාබ් පාන්ට් හට තරග තහනමක් පැනවෙන්නේ නැහැ. ඒ, මීට පෙර පැවැති එම නීතිය මෙවර තරගාවලියේ සිට සංශෝදනය කර තිබීම හේතුවෙන්.

2025 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී රිෂාබ් පාන්ට් ඉන්දීය රුපියල් කෝටි 27 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 94 ක් පමණ) වාර්තාගත වටිනාකමකටයි අලෙවි වුණේ.

පාන්ට්ට මෙවර තරගාවලියේදී සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ පසුබිමක පසුගියදා RCB කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ඔහු පන්දු 61 කින් නොදැවී ලකුණු 118 ක් රැස් කිරීමට සමත් වුණා. එම තරගයේදී ලක්නව් පිල ලකුණු 227/3 ක් රැස් කිරීමට සමත් වුණා. කෙසේ වෙතත්, ඔවුන් එම තරගයෙන් පරාජයට පත් වීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...