ටයිටන්ස් පරදා මුම්බායි ඉන්දියන්ස් Qualifier 2 තරගයට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයට (Qualifier 2) සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අද(30) පැවැති අවසන් වටයේ දෙවැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කරමින්.

New Chandigarh හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5 ක් දැවී ලකුණු 228 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණයි.

මුම්බායි වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 81(50) ක් රැස් කළා. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 47(22) යි. සූර්යකුමාර් යාදව් ලකුණු 33(20) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ප්‍රසිද් ක්‍රිෂ්නා හා සායි කිෂෝර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් සායි සුදර්සන් ලකුණු 80 ක් රැස් කළේ පන්දු 49 කින්. අයි.පී.එල් වරම් දිනූ කුසල් මෙන්ඩිස් පන්දු 10 කින් හයේ පහර 2ක් හා හතරේ පහරක් සමග ලකුණු 20 ක් ලබා සිටියදී හිට් විකට් දැවී යාමකට හසු වුණා.

වොෂින්ටන් සුන්දර් ලකුණූ 48(24) ක් ද, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණූ 24(15) ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 56 ක් ලබා දෙමින්.

ඒ අනුව එළඹෙන පළමු වැනිදා පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගයේදී මුම්බායි පිල, පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...