Watch : මෙන්ඩිස් බෝල්ට්ට පිට පිට ගහපු සුපිරි හයේ පහරවල් දෙක

Date:

මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයේදී අයි.පී.එල් වරම් දිනූ ගුජරාට් ටයිටන්ස් පිලේ ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මුම්බායි ඉන්දියන්ස් වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්ට එරෙහිව පිට පිට හයේ පහර දෙකක් එල්ල කිරීමට සමත් වීම බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනූ සිදු වීමක් බවට පත් වුණා.

New Chandigarh හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5 ක් දැවී ලකුණු 228 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණයි.

මෙන්ඩිස් පන්දු 10 කින් හයේ පහර 2ක් හා හතරේ පහරක් සමග ලකුණු 20 ක් ලබා සිටියදී හිට් විකට් දැවී යාමකට හසු වුණා.

ඔහු ට්‍රෙන්ට් බෝල්ට්ට එරෙහිව පිට පිට එල්ල කළ හයේ පහර දෙකෙන් දෙවැනි හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 99 ක් ලෙසයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...