භාරත් අරුන්ට ශ්‍රී ලංකාවේ වේග පන්දුව හදන්න භාර වෙයි

Date:

ඉන්දීය කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු භාරත් අරුන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා දින 14 ක පුහුණු කදවුරක් පැවැත්වීම සදහා මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

පුහුණු කදවුර ජූනි දෙවැනිදා සිට පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

භාරත් අරුන් මෙරට රැදී සිටින කාලයේදී ශ්‍රී ලංකා ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ඒ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හා වයස අවුරුදු 19 න් පහළ පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග කටයුතු කිරීමට නියමිතයි.

ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්, ක්‍රීඩා සමාජ හා පළාත් පුහුණුකරුවන් ද ඔහුගේ පුහුණු කදවුරු සදහා එක්වීමට නියමිතව තිබෙනවා.

ඔහු පළමු පුහුණු සැසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා පිරිමි 19 න් පහළ කණ්ඩායම සමගයි.

භාරත් අරුන් 2014 වසරේ සිට 2021 වසර දක්වා ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...