Watch : සිරාජ් හා ලිටොන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවෙන් පසු ලිටොන් දැවී ගිය හැටි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අදයි (15) .

Chattogram හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, අද දිනය ආරම්භ වන විට ඔවුන් කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 278 ක්.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 404 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 58 ක් හා කුල්දීප් යාදව් ලකුණු 40 ක් ලබා ගනිමින් පසුපෙල ශක්තිමත් කිරීමත් සමගයි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් චෙටස්වර් පුජාරා ලකුණු 90 ක් රැස් කළ අතර, ෂ්රෙයස් අයියර් ලකුණු 86 කට දැවී ගියා. පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් හා මෙහිදි හසාන් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී මොහමඩ් සිරාජ් විසින් ලිටොන් දාස්ව ලකුණු 24 කට දවා ගැනීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

සිරාජ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ලිටොන් දාස් දැවී ගියේ.

එම පන්දුවට පෙර පන්දුවේ දී මොහමඩ් සිරාජ් හා ලිටොන් දාස් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර, කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව සිරාජ් විසින් කඩුලු සැමරුම සිදු කළේ ද උණුසුම් වචන හුවමාරුව සිදු වූ අවස්ථාවේ දී ලිටොන් දාස් පල කළ ඉගි අනුකරණය කරමින්.

https://twitter.com/cricday96/status/1603361028074803201?t=pJuStE_qaqL2bKRg56Lc0g&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...