එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා වන නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.
ටෙස්ට් සංචිතය සදහා දග පන්දු යවන ක්‍රීඩක ඉෂ් සෝදි කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2018 වසරේ නොවැම්බර් මාසයේ දී යි.
කේන් විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීම හේතුවෙන් මෙම තරගාවලියේ දී කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ටිම් සවුති.
සිය එකම ටෙස්ට් තරගය 2020 වසරේ දී ක්‍රීඩා කළ ග්ලේන් පිලිප්ස් ද ටෙස්ට් සංචිතය සදහා නම් කර තිබෙනවා.
ට්‍රෙන්ට් බෝල්ට් මෙම තරග සංචාරයෙන් ඉවත්ව ඇති අතර, ආබාධයකට ලක්ව සිටින ක්යිල් ජමීසන් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් මෙම සංචාරයට නම් කර නැහැ.
නවසීලන්ත කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයේ දී ටෙස්ට් තරග 2ක් හා එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
නවසීලන්ත කණ්ඩායමක් පාකිස්තාන තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ 2003 වසරෙන් පසුව පළමු වරට වීම ද විශේෂත්වයක්.
බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස දෙසැම්බර් 26 වැනිදා දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.
New Zealand Test squad:
Tim Southee (c), Michael Bracewell, Tom Blundell (wk), Devon Conway, Matt Henry, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Ajaz Patel, Glenn Phillips, Ish Sodhi, Blair Tickner, Neil Wagner, Kane Williamson, Will Young

