Watch : ලොවක් මවිත කළ අරුම පුදුම නොදැවුණු හිට් විකට් එක

Date:

මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති තෙවැනි තරගයේ දී වූ අපූර්ව සිදු වීමක් දෙස මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම තරගය අද(15) Cairns හී දී පැවැත්වුණේ මෙල්බර්න් රෙනෙගේඩ්ස් හා බ්‍රිස්බේන් හීට් කණ්ඩායම් අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 166 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රිස්බේන් හීට් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් රෙනෙගේඩ්ස් පිලට ලකුණු 22 ක ජයක් හිමි වුණා.

මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම වෙනුවෙන් නායක නික් මැඩින්සන් පන්දු 49 කින් ලකුණු 87 ක් රැස් කළා.

ඔහු ලකුණු 42 ක් ලබා පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවක පහරක් එල්ල කිරීමෙන් අනතුරුව කඩුල්ලේ එක් බෙල්සයක් ඉවත් වීමක් සිදු වූ අතර, ඒ අනුව ඔහු හිට් විකට් දැවී යාමකට හසු වූ බවට සියලු දෙනා විශ්වාස කරනු ලැබුවා.

නික් මැඩින්සන් ද යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාම ආරම්භ කළේ තමා හිට් විකට් දැවී යාමකට හසු වූ බව විශ්වාස කරමින්.

කෙසේ වෙතත්, පුනරූපනවලින් දක්නට ලැබුණේ ඔහුගේ ශරීරය හෝ පිත්ත හෝ පන්දුව කඩුල්ලේ දැවටීමක් සිදු නොවී කඩුල්ලේ බෙල්සයක් ඉවත් වන ආකාරයක්.

ඒ අනුව පිතිකරු නොදැවුණු අයෙකු ලෙසයි තෙවන විනිසුරු විසින් නම් කළේ. (දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...