PSL Draft : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුත් තෝරා ගැනේ

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

එහිදී මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සිය කණ්ඩායම වෙත තෝරා ගැනීමට කණ්ඩායම් දෙකක කලමණාකාරීත්වය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සිය කණ්ඩායම සදහා තෝරා ගැනීමට කටයුතු කළේ Quetta Gladiators (ක්වෙට්ටා ග්ලැඩියේටර්ස්) කණ්ඩායම විසිනුයි.

Platinum කාණ්ඩය යටතේ ඔහුව මිලදී ගැනීමට Gladiators කණ්ඩායම පියවර ගත්තා.

ඔහුට අමතරව භානුක රාජපක්ෂ මිලදී ගැනීමට Peshawar Zalmi (පෙෂාවර් සල්මි) කණ්ඩායම කටයුතු කරනු ලැබුවා.

Platinum කාණ්ඩය යටතේයි භානුක එම කණ්ඩායම විසින් තෝරා ගනු ලැබුවේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...