අලුත්ම 20යි 20 ලීගයට අකිලත් මිලදී ගැනේ

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ගිවිසුම්ගත වී තිබෙනවා.

ඔහු සිය කණ්ඩායම සමග ගිවිසුම්ගතව ඇති බවයි ඩර්බන්ස් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නිවේදනය කළේ.

වයිල්ඩ්කාඩ් (wildcard) ක්‍රමවේදය යටතේ එම කණ්ඩායම ඔහු සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ අනුව ජනවාරි 10 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත SA20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් දෙකක හිමිකරුවන් කටයුතු කළා.

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක මිලදී ගැනීමට සමත් වුණේ ද ඩර්බන්ස් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.

ඔහු දකුණු අප්‍රිකානු රැන්ඩ් 275,000 ක මුදකට අලෙවි වුණා. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් මිලියන 5.7 ක පමණ අගයක්.

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ප්‍රෙටෝරියා කැපිටල්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ දකුණු අප්‍රිකානු රැන්ඩ් 425,000 ක මුදලකටයි. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් මිලියන 8.9 ක පමණ අගයක්.

ක්‍රීඩක වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...