ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව පත් කර තිබෙනවා.

අද(15) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමකදීයි මෙම නිලවරණ කමිටුව පත් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය පැවැත්වීම සඳහා පවතින ක්‍රීඩා නීති රෙගුලාසි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුකූලව මෙම පත් කිරීම සිදු කළ බවයි ක්‍රිකට් ආයතනය අද රාත්‍රියේ නිවේදනය කළේ.

ඒ අනුව විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරී සුනිල් සිරිසේන යන මහත්ම මහත්මීන් නිලවරණ කමිටුවට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය විසින් ඒකමතිකව නිලවරණ කමිටු සාමාජිකයින් පත් කර ඇති අතර, ඉදිරි වාර්ෂික මහා සභා රැස්වීමේ දී නිලවරණය පැවැත්වීම සදහා කටයුතු සූදානම් කිරීමේ වගකීම මෙම නිලවරණ කමිටුවට පැවරෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය 2023 වසරේ මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...