Watch : සියල්ලන් මවිත කරවමින් තෙවන විනිසුරුගේ වරදින් සහන්ට අහිමි වූ ලකුණු 6

Date:

ඕමානයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා A කණ්ඩායම ක්‍රීඩා කරන මූලික වටයේ අවසන් තරගය මෙරට වේලාවෙන් අද(22) රාත්‍රී 7:00 ට බංග්ලාදේශය A කණ්ඩායමට එරෙහිව ආරම්භ වුණා.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමගින් ‘A’ කාණ්ඩයෙන් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 161 ක් ලබා ගනිමින්.

මේ අතර, ශ්‍රී ලංකා ඉනිමේ දී සහන් ආරච්චිගේ එල්ල කළ එක් දැවැන්ත පහරක් හයේ පහරක් ලෙස විනිසුරුවන් සංඥා කළ යුතුව තිබූ පසුබිමක, තෙවන විනිසුරු විසින් එය එක් ලකුණකට පමණක් සීමා කිරීමට තීරණය කිරීම බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ සිද්ධියක් බවට පත් වුණා.

ඔහු පහර එල්ල කිරීමෙන් පසුව එය උඩ පන්දුවක් ලෙස පන්දු රකින්නෙකු රැක ගත් නමුත්, පන්දු රකින්නාට සිය සමබරතාවය ගිලිහී යාම නිසා ඔහු විසින් පන්දුව පිටිය තුළට විසි කරනු ලැබුවා. කෙසේ වෙතත්, පන්දුව නිදහස් කිරීමට පෙර පන්දු රකින්නාගේ දණහිසක් හයේ සීමාවේ ස්පර්ශ වන අයුරු දැක ගත හැකි වුණා.

ඒ අනුව ජාත්‍යන්තර විස්තර විචාරකයින් ද එය හයේ පහරක් ලෙස සංඥා කරනු ඇති බවට විශ්වාස කළ නමුත්, විනිසුරු විසින් එය එක් ලකුණකට පමණක් සීමා කිරීම කැපී පෙනුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...