ICC සභාපතිගේ ධූර කාලය වසර දෙකේ සිට 3 දක්වා ඉහළට

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයාගේ හා ස්වාධීන අධ්‍යක්ෂකවරයාගේ ධූර කාලය සංශෝදනය කිරීම සදහා ඩුබායිහී දී පැවැති අයි.සී.සී රැස්වීමේ දී නිල වශයෙන් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව වර්තමානයේ දී සභාපතිවරයාගේ ධූර කාලය වන වසර දෙකක ධූර කාලය වසර 3ක් දක්වා ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, සභාපතිවරයෙකුට එම ධූරය දැරිය හැකි අවස්ථා ගණන තුනේ සිට දෙක දක්වා පහත දැමීමට ද නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව සභාපතිවරයෙකුට වර්තමානයේ පවතින නීතිය අනුව ද උපරිම වශයෙන් ධූරයේ රැදී සිටිය හැකි වසර හයක කාලයක (වසර දෙක බැගින් තෙවරක්) ඉදිරියේ දී ද ඒ ආකාරයෙන්ම (වසර තුන බැගින් දෙවරක්) හිමි වනු ඇති.

අයි.සී.සී නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් මීට පෙර නිතරගයෙන් තේරී පත් වූ අතර, ඔහු දෙසැම්බර් පළමු වැනිදා එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

මේ අතර, 2025-2029 කාලය සදහා වන කාන්තා ජාත්‍යන්තර තරග කාලසටහන (FTP) ඉදිරියේ දි නිවේදනය කිරීමට ද කටයුතු කරන බව අයි.සී.සිය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...