හන්ඩ්‍රඩ් කණ්ඩායම් මිලදී ගන්නත් IPL හිමිකරුවන් රැසකගෙන් ලංසු

Date:

එංගලන්ත ක්‍රිකට් ආයතනය සංවිධාන කරන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් මිලදී ගැනීම සදහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවන් රැසක් ලංසු ඉදිරිපත් කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස්, සන්රයිසස් හයිදරාබාද් හා ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් ලංසු ඉදිරිපත් කර ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඊට අමතරව Hampshire කණ්ඩායමේ නව හිමිකරුවන් බවට මෑතකදී පත් වූ දිල්ලි කැපිටල්ස් හිමිකාරීත්වය සහිත GMR Group විසින් ද ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

Manchester United පාපන්දු සමාජයේ සම හිමිකරුවෙකු වන Avram Glazer ද ලංසු ඉදිරිපත් කර ඇති බව සදහන්.

හන්ඩ්‍රඩ් තරගාවලියට කණ්ඩායම් අටක් ක්‍රීඩා කරන අතර, එක් කණ්ඩායමක කොටස් 49% ක් මිලදී ගැනීම සදහායි එංගලන්ත ක්‍රිකට් ආයතනය ආයෝජකයින්ට ආරාධනා කරනු ලැබුවේ. ඔක්තෝබර් 18 වැනිදාට පෙර එම ලංසු ඉදිරිපත් කරන ලෙසට එංගලන්ත ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...