Watch : ස්ටක් පිට පිට පන්දු දෙකක දී කෝලි හා සූර්යකුමාර් දවා ගත් හැටි

Date:

ඉන්දියාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී පිට පිට පන්දු දෙකකදී විරාත් කෝලිගේ හා සූර්යකුමාර් යාදව්ගේ කඩුලු දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් අද(17) සමත් වුණා.

මුම්බායි හී දී අද දහවල් ආරම්භ වූ මෙම තරගයේ දී විරාට් කෝලි ලකුණු 4 කට දැවී ගිය අතර, සූර්යකුමාර් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

ඔවුන් දෙදෙනාම දැවී ගියේ ස්ටක්ගේ පන්දු හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 35.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 188 ක්.

මිචෙල් මාෂ් ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 65 කින් ලකුණු 81 ක් රැස් කළා. හයේ පහර 5 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියානු ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළ මොහමඩ් ෂාමි ලකුණු 17 කට කඩුලු 3 ක් හා මොහමඩ් සිරාජ් ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...