Watch : ග්‍රීන්ගේ පිට ඉන්න ගැල වූ ෂාමිගේ සුපිරි පන්දුව ; ඔස්ට්‍රේලියාව ලකුණු 188 කට දැවී යයි

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ජය ගනිමින් තරග 1-0 ක් ලෙස තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමට ලකුණු 189 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, මුම්බායි හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 188 ක් පමණක් රැස් කිරීම හේතුවෙන්.

ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ලකුණු 5 කට දැවී ගිය නමුත්, ඔහු සමග ඉනිම ආරම්භ කළ මිචෙල් මාෂ් ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා. පන්දු 65 කින් ඔහු වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 81 ක්. හයේ පහර 5 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක ස්ටීවන් ස්මිත් ලකුණු 22 යි. ඔවුන් දෙදෙනා අතර ලකුණු 72 (63) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

මිචෙල් මාෂ් හා මර්නස් ලබුෂේන් අතර ද තෙවැනි කඩුල්ල සදහා ලකුණු 52 (43) ක සබදතාවයක් ගොඩ නැගුණ නමුත්, මාෂ්ගේ දැවී යාමත් සමග වෙනත් කිසිදු පිතිකරුවෙකු සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට සමත් වූයේ නැහැ.

ලබුෂේන් ලකුණු 15 කටත්, ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 26 කටත් දැවී ගියා. කැමරන් ග්‍රීන් ලකුණු 12 කට දැවී ගියේ මොහමඩ් ෂාමිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.(දර්ශන පහතින් නරඹන්න)

ග්ලේන් මැක්ස්වෙල් ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි. මර්කස් ස්ටොයිනිස් ලකුණු 5 යි.

පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියානු ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළ මොහමඩ් ෂාමි ලකුණු 17 කට කඩුලු 3 ක් හා මොහමඩ් සිරාජ් ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...