Dane van Niekerk ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනියි

Date:

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායිකා Dane van Niekerk ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉදිරියටත් තමා 20යි 20 ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි ඇය සදහන් කළේ.

29 හැවිරිදි Dane van Niekerk 2009 වසරේ සිට 2021 වසර දක්වා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියෝජනය කළා.

එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 107 ක් හා 20යි 20 තරග 86 ක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ඇය ටෙස්ට් තරගවලදී එක් කඩුල්ලක් ද, එක්දින තරගවලදී කඩුලු 138 ක් ද, 20යි 20 තරගවලදී කඩුලු 65 ක් ද දවා ගත්තා.

ටෙස්ට් පිටියේ දී ලකුණු 22 ක් රැස් කර ඇති Dane van Niekerk එක්දින තරගවලදී ලකුණු 2,175 ක් ද, 20යි 20 තරගවලදී ලකුණු 1,877 ක් ද රැස් කර තිබෙනවා.

කිලෝ මීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් නිමා වූ 20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සදහා ද ඇයට  ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...