Watch : ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරු බවට පැතුම් නිස්සංක පත් වෙයි

Date:

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට පත් වීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද(9) සමත් වුණා.

ඒ, ඇෆ්ඝනිස්තානය සමග අද දහවල් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ පළමු එක්දින තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 381 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

එය එක්දින ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් වාර්තා කළ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 139 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 210 ක්. හයේ පහර අටක් හා හතරේ පහර 20 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් එක්දින තරගයකදී වාර්තා කර තිබුණේ සනත් ජයසූරිය විසින්.

ඔහු 2000 වසරේ දී ඉන්දියාවට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 189 ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කර ඇති පිතිකරුවන් –

  • පැතුම් නිස්සංක – 210* (ඇෆ්ඝනිස්තානයට එරෙහිව 2024 වසරේ දී)
  • සනත් ජයසූරිය – 189 (ඉන්දියාවට එරෙහිව 2000 වසරේ දී)
  • උපුල් තරංග – 174* (ඉන්දියාවට එරෙහිව 2013 වසරේ දී)
  • කුමාර් සංගක්කාර – 169 (දකුණු අප්‍රිකාවට එරෙහිව 2013 වසරේ දී)
  • තිලකරත්න ඩිල්ෂාන් – 161* (බංග්ලාදේශයට එරෙහිව 2015 වසරේ දී)

තවත් ක්‍රිකට් පුවත් මෙතනින් කියවන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...