Watch : පළමු පන්දුවාර තුනේ දී ප්‍රමෝද් මදුෂාන් බිද දැමූ සුපිරි කඩුලු 3

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද(9) දහවල් ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් සිය පළමු පන්දුවාර තුන තුළදී කඩුලු තුනක් දවා ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් සමත් වුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ රහ්මනුල්ලාහ් ගුර්බාස්, ඊබ්‍රහීම් සඩ්‍රාන් හා නායක හෂ්මතුල්ලාහ් ශහීඩි යන පිතිකරුවන්.

ගුර්බාස් එක් ලකුණකටත්, සඩ්‍රාන් ලකුණු 4කටත්, ශහීඩි ලකුණු 7කටත් දැවී ගියා. (දර්ශන පහතින්)

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 381 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 139 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 210 ක්. හයේ පහර අටක් හා හතරේ පහර 20 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු සමග ඉනිම ඇරඹූ අවිශ්ක ප්‍රනාන්දු රැස් කළ ලකුණු සංඛ්‍යාව 88 ක්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 182 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...