මයිකල් නෙසර් ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට කැදවයි

Date:

එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා වේග පන්දු යවන ක්‍රීඩක මයිකල් නෙසර් යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට ඇතැම් අවස්ථාවල නම් කෙරුණ ද මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග දෙකක් පමණයි. අවසන් වරට ඔහු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී යි.

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ දී ලාන්ස් මොරිස් ආබාධයකට ලක් වීමත්, ආබාධයක් නිසා ජායි රිචර්ඩ්සන්ට සති හයක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වීමත් පදනම් කර ගනිමිනුයි මයිකල් නෙසර්ට යළි ටෙස්ට් සංචිතයට පැමිණීමට අවස්ථාවක් උදා වී ඇත්තේ.

මෑකතදී විශ්‍රාම ගත් ඩේවිඩ් වෝනර් වෙනුවට සංචිතයට ආදේශ කෙරුණු මැට් රේන්ෂෝ මෙම සංචිතයේ ද සිය ස්ථානය තහවුරු කර ගෙන තිබෙනවා.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 29 වැනිදා වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි තරගය මාර්තු 8 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි.

2016 වසරෙන් පසුව ටෙසට් තරගාවලියක් සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

AUS Squad:

Pat Cummins (c), Scott Boland, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Michael Neser, Matthew Renshaw, Steve Smith (vc), Mitchell Starc

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...