වෝනර්ගේ ප්‍රහාරය හා සම්පාගේ දක්ෂතා ඔස්ට්‍රේලියාවට ලකුණු 11ක ජයක් ගෙනෙයි

Date:

ඩේවිඩ් වෝනර්ගේ හා ඇඩම් සම්පාගේ දක්ෂතා හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(9) සමත් වුණා.

හෝබාර්ට් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 214 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 202 ක් පමණයි.

කොදෙව් ඉනිම ආරම්භ කළේ ජොන්සන් චාර්ල්ස් සමගින් බ්‍රෙන්ඩන් කිංග්. පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 89 ක්.

පන්දුවාර 8.3 ක් තුළ ගොඩ නැගුණු එම සම්බන්ධතාවය බිද වැටුණේ චාර්ල්ස් ලකුණු 42(25) කට දැවී යාමත් සමගයි. ජොන්සන් චාර්ල්ස්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුළත් වුණා.

බ්‍රෙන්ඩන් කිංග්ස් ලකුණු 53(37) ක් රැස් කළ අතර, ජේසන් හෝල්ඩර් පන්දු 15 කින් නොදැවී ලකුණු 34 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 26 කට කඩුලු 3ක් දවා ගත් අතර, මර්කස් ස්ටොයිනිස් ලකුණු 20 කට කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දු යැවීමට ගත් තීරණය කළ අතර, ඒ අනුව ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 213 ක් ලබා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ඩේවිඩ් වෝනර් පන්දු 36 කින් ලකුණු 70 ක් ලබා ගත් අතර, ඔහුගේ ආරම්භක සගයා වූ ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 39(25) ක් ලබා ගත්තා. ටිම් ඩේවිඩ් ලකුණු 37 ක් නොදැවී රැස් කළේ පන්දු 17 ක් පමණක් වැය කරමින්.

පන්දු යැවීමේ දී අන්ඩ්‍රි රසල් ලකුණු 42 කට කඩුලු 3ක් දවා ගත් අතර, අල්සාරි ජෝසප් කඩුලු දෙකක් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 11 වැනිදා ඇඩිලේඩ්හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...