Watch : අවිශ්කගේ ඉනිම නැවතූ සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද(9) දහවල් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ අවිශ්ක ප්‍රනාන්දු සමගින් පැතුම් නිස්සංක.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 182 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

අවිශ්ක ලකුණු 88 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් විශිෂ්ඨ ලෙස රැක ගැනීමට ඊබ්‍රහීම් සඩ්‍රාන් සමත් වීමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ.

පන්දු 88 කින් වාර්තා වූ අවිශ්කගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 8ක් ඇතුළත් වුණා.

ඊබ්‍රහීම් සඩ්‍රාන් රැක ගත් උඩ පන්දුව පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...