Watch : ජොන්සන් චාර්ල්ස් පිටියෙන් ඉවතට යන්න ගහපු මීටර් 113 ක් දිග හයේ පහර

Date:

ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී ක්‍රීඩාංගනයෙන් ඉවතට ඇදී යන ලෙස දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට කොදෙව් ආරම්භක පිතිකරු ජොන්සන් චාර්ල්ස් අද(9) සමත් වුණා.

තරගය හෝබාර්ට් හී දී ආරම්භ වූයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දු යැවීමට ගත් තීරණයත් සමගයි.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිතිකරුවන් කඩුලු 7ක් දැවී ලකුණු 213 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඩේවිඩ් වෝනර් පන්දු 36 කින් ලකුණු 70 ක් ලබා ගත් අතර, ඔහුගේ ආරම්භක සගයා වූ ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 39(25) ක් ලබා ගත්තා.

ටිම් ඩේවිඩ් ලකුණු 37 ක් නොදැවී රැස් කළේ පන්දු 17 ක් පමණක් වැය කරමින්.

පන්දු යැවීමේ දී අන්ඩ්‍රි රසල් ලකුණු 42 කට කඩුලු 3ක් දවා ගත් අතර, අල්සාරි ජෝසප් කඩුලු දෙකක් බිද හෙලුවා.

කොදෙව් පිළිතුරු ඉනිම ආරම්භ කළේ චාර්ල්ස් සමගින් බ්‍රෙන්ඩන් කිංග්. පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 89 ක්. පන්දුවාර 8.3 ක් තුළ ගොඩ නැගුණු එම සම්බන්ධතාවය බිද වැටුණේ චාර්ල්ස් ලකුණු 42(25) කට දැවී යාමත් සමගයි.

ජොන්සන් චාර්ල්ස්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුළත් වුණා. ජොෂ් හේසල්වුඩ්ට එරෙහිව ඔහු එල්ල කළ දැවැන්ත හයේ පහරේ දුර සටහන් වූයේ මීටර් 113 ක් ලෙසයි. (දර්ශන පහතින්)

තවත් ක්‍රිකට් පුවත් මෙතනින් කියවන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...