Watch : ශකිබ්ගේ පන්දුවාරයට පූරාන්ගෙන් හයේ පහර 5ක්

Date:

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(30) පැවැති තරගයකදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසාන් දරුණු ප්‍රහාරයකට ලක් වුණා.

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයෙන් ටයිගර්ස් කණ්ඩායම පරාජයට පත් වූයේ කඩුලු 10 කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 108 ක් රැස් කළා.

ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 21 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් සමගින්.

පන්දු යැවීමේ දී මොහොමඩ් හස්නයින් හා ඩේවිඩ් වීසා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩෙකෑන් කණ්ඩායම පන්දුවාර 6.1 ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර යාම විශේෂත්වයක්.

ටොම් කොහ්ල කැඩ්මොර් පන්දු 21 කින් නොදැවී ලකුණු 50 ක් හා නායක නිකලස් පූරාන් පන්දු 16 කින් නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තා.

පූරාන්ගේ ඉනිම හයේ පහර 7 කින් හා හතරේ පහරකින් වර්ණවත් වුණා.

ඔහු ශකිබ් අල් හසාන් යොමු කළ පන්දුවාරයේ දී හයේ පහර 5 ක් එල්ල කිරීම කැපී පෙනුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...