වෛරස් උණ හේතුවෙන් බලපෑමට ලක් වූ පළමු ටෙස්ට් තරගය ගැන අවසන් තීරණය නිවේදනය කෙරේ

Date:

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නියමිත පරිදි අද(1) දිනයේ දී රාවල්පින්ඩි හී දී ආරම්භ කිරීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

තරගය සදහා ක්‍රීඩකයින් 11 දෙනෙකු ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දීමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එංගලන්ත සංචිතයට සම්බන්ධ සාමාජිකයින් 14 දෙනෙකු වමනය හා පාචනය යන රෝග ලක්ෂණ සහිතව වෛරස් උණ රෝගී තත්ත්වයකට ගොදුරු වී තිබීම හේතුවෙන් අද ආරම්භ වීමට නියමිත තරගය පැය 24 කින් කල් දැමීම පිළිබද මීට පෙර අවධානය යොමුව තිබුණා.

ඊයේ(30) පස්වරුවේ දී දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබුණේ අද පෙරවරු 7.30 ට ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීමටයි.

ඒ අනුව, දෙරටේ ක්‍රිකට් ආයතනන මේ වන විට තීරණය කර ඇත්තේ පළමු ටෙස්ට් තරගය සැලසුම් කළ පරිදි මෙරට වේලාවෙන් අද පෙරවරු 10.30 ට ආරම්භ කිරීමටයි.

මෙම තරගය වසර 17 කට පසුව එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ දී ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...