අසලංකගේ සුපිරි ඉනිම හා වෙල්ලාලගේගේ සටන්කාමී ප්‍රහාරය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

Date:

චරිත් අසලංකගේ විශිෂ්ඨ ඉනිම හා දුනිත් වෙල්ලාලගේගේ සටන්කාමී ඉනිම හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් නිමා කර ගැනීමට ශ්‍රී ලංකාව අද (30) සමත් වුණා.

තෙවැනි තරගය ජය ගැනීම සදහා ලකුණු 314 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක සමත් වුණේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 101 ක සබදතාවයක් ගොඩ නගමින්.

මෙන්ඩිස් ලකුණු 67 (61) කට දැවී ගිය අතර, පැතුම් ලකුණු 35 කට දැවී ගියා. දිනේෂ් චන්දිමාල් ලකුණු 33යි. නායක දසුන් ශානක පන්දු 44 කින් ලකුණු 43 ක් ලබා සිටියදී දවා ගැනීමට රෂීඩ් ඛාන් සමත් වුණා.

කෙසේ වෙතත්, අනෙක් අන්තයෙන් පාදයේ ආබාධයක් ද සහිතව පිතිකරණයේ නිරත වූ චරිත් අසලංක සිය කඩුල්ල අවසන් මොහොත දක්වා රැක ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ තරගයේ අවසන් පන්දුවාරයේ 4 වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින්.

පන්දු 72 කින් චරිත් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 83 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහුට අනගි සහායක් ලබා දුන් දුනිත් වෙල්ලාලගේ පන්දු 21 කින් නොදැවී ලකුණු 31 ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල සදහා ගොඩනැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 65 ක්.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 37 ක් ලබා දෙමින්.

පිට පිට තෙවැනි වරටත් කාසියේ වාසිය ජය ගැනීමට වාසනාවන්ත වූ ඇෆ්ඝනිස්තාන නායක හෂ්මටුල්ලාහ් ශහීඩි පළමුවෙන් පන්දුවට පහර දීමටයි මෙම තරගයේ දී ද තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 313 ක් රැස් කරමින්. ඒ, ඊබ්‍රහීම් සඩ්රාන් පන්දු 138 කින් ලබා ගත් ලකුණු 162 න් ශක්තිමත් වෙමින්.

ඔහුගේ ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 15 කින් වර්ණවත් වුණා. ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි ඔහු දැවී ගියේ ඇෆ්ඝනිස්තාන ඉනිමේ අවසන් පන්දුවේ දී යි.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 57 ක් තුළ බිද වැටුණු පසුබිමක සිව්වැනි කඩුල්ල සදහා නජිබුල්ලාහ් සඩ්රාන් සමග එක් වූ ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 154 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණේ පන්දු 141 කින්.

නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 77 (76) කට දැවී ගියා. පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 60 කට දවා ගත් කඩුලු ගණන 3 ක්. වනිදු හසරංග ලකුණු 67 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...