Watch : තෙවන විනිසුරුගේ ආන්දෝලනාත්මක තීරණය

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(30) දහවල් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

පිට පිට තෙවැනි වරටත් කාසියේ වාසිය ජය ගැනීමට වාසනාවන්ත වූ ඇෆ්ඝනිස්තාන නායක හෂ්මටුල්ලාහ් ශහීඩි පළමුවෙන් පන්දුවට පහර දීමටයි මෙම තරගයේ දී ද තීරණය කළේ.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 57 ක් තුළ බිද වැටුණු පසුබිමක සිව්වැනි කඩුල්ල සදහා නජිබුල්ලාහ් සඩ්රාන් හා ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 154 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණේ පන්දු 141 කින්.

මෙම ඉනිමේ දී ලකුණු 77 ක් රැස් කළ නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 27 ක් ලබා සිටියදී වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය පිතිකරුවෙකු ලෙස විනිසුරු විසින් නම් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පිතිකරු විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ එම තීරණය අභියෝගයට ලක් කළ අතර, එහිදී තෙවන විනිසුරු විසින් ඔහු දැවී නොගිය අයෙකු ලෙස නම් කළා.

ඒ, Ultraedge තාක්ෂණය ඔස්සේ අදාළ අවස්ථාව නිරීක්ෂණය කිරීමේ දී යම් ශබ්ධයක් ඇති වන බව හදුනා ගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත්, එම ශබ්ධය අඛණ්ඩව පවතින බවක් Ultraedge තාක්ෂණයෙන් දක්නට ලැබුණු පසුබිමක තෙවන විනිසුරු පිටියේ විනිසුරුගේ තීරණය සංශෝදනය කිරීමට පෙළඹීම බොහෝ දෙනෙකුගේ මවිතයට හේතු වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...