Watch : වසර 4කට පසු යැවූ තෙවැනි පන්දුවෙන්ම ආචර් දවා ගත් කඩුල්ල

Date:

සත්කාරක එංගලන්ත කණ්ඩා‍යම සහා ඉන්දිය කණ්ඩා‍යම අතර තෙවන ටෙස්ට් තරගය මේවන විට එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියෙදී පැවැත්වෙනවා.

ප්‍රථමෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩා‍යම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කල ලකුනු සංඛ්‍යාව 387 ක්.

ටෙස්ට් පිටියේ සිය 37 වන ශතකය වාර්තා කරමින් ජෝ රූට් ලකුනු 104 ක් රැස්කලා. බ්‍රයිඩන් කර්ස් සහා ජෙමී ස්මිත් අර්ධ ශතක ලබා ගැනීමට සමත්වුනා

අනර්ඝ පන්දුයැවීමක නිරත වෙමින් ජස්ප්‍රිට් බුම්රා බිද හෙලු කඩුලු සංඛ්‍යාව 5 ක්.

මේවන විට ඉන්දිය කණ්ඩා‍යම සිය පළමු ඉනිම ක්‍රීඩාකරන අතර ඔවුන්ගේ ආරම්භක කඩුල්ල ලෙස ලකුනු 13 කට යසස්වී ජයිස්වාල්ව ක්‍රීඩාගාරයට හරවා යැවීමට ජොෆ්රා ආචර් සමත්වුනා.

මෙලෙසින් ජොෆ්රා ආචර් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන්නේ 2021 වසරට පසුවයි.

ඒ අනුව ආචර් වසර 4 කට පසුව ටෙස්‍ට් පිටියේ ක්‍රියාත්මක කල පළමු පන්දුවාරයේ තෙවන පන්දුවම කඩුල්ලක් බවට පත්කර ගැනීමට සමත්වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...