දෙවන T20 තරගයේ ප්‍රවේශපත් ගන්න ආයේ එන්න එපා

Date:

 

ජූලි 13 වනදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (RDICS) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි 20 ජාත්‍යන්තර තරගය සඳහා වන සියලුම ප්‍රවේශපත් මේ වන විට අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

අද (11) පස්වරු 3:30 ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි ප්‍රවේශපත් කවුළු නිල වශයෙන් වසා දැමූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව තවදුරටත් ප්‍රවේශපත් අලෙවියක් සිදු වන්නේ නැහැ.

දෙවන විස්සයි 20 තරගය සඳහා ප්‍රවේශපත් මිලදී ගැනීම සදහා ප්‍රවේශපත් කවුළු වෙත යළි නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ට දන්වා සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...