Watch : වසර අටකට පසු ඩෝසන් දවා ගත් ටෙස්ට් කඩුල්ල

Date:

සංචාරක ඉන්දිය කණ්ඩා‍යම සහ එංගලන්ත කණ්ඩා‍යම අතර පැවැත්වෙන 4 වන ටෙස්ට් තරගය අද (23) මැන්චෙස්ටර්හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාගනයේදී ආරම්භ වුණා.

මෙම තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නා වූ ශොයිබ් බෂියර් ආබාධයකට ලක්වීමත් සමග මෙම තරගය සඳහා එංගලන්ත කණ්ඩා‍යම පිවිසුණේ එක් වෙනස්කමක් සමගින්.

ඒ අනුව වසර 8 කට පසුව ටෙස්‍ට් කණ්ඩා‍යම සඳහා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලියාම් ඩෝසන්ව කැඳවීමටයි ඔවුන් කටයුතු කළේ. ඩෝසන් 2017 වසරට පසුවයි එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් පිටියට පිවිසුණේ.

ඉනිමේ ඔහු ක්‍රියාත්මක කළ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම ඩෝසන් කඩුල්ලක් බිඳ හෙලීමට සමත්වීම ද සුවිශේෂී අවස්ථාවක් බවට පත් වුණා.

ඔහුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ අර්ධ ශතකයක් ලබා සිටි යශස්වි ජයිස්වාල්. ජයිස්වාල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 58(107) ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...