Watch : පන්දුව ලීව් කරන්න ගිහිං ෂුබ්මන් ගිල් සිව්වැනි වරටත් දැවී ගිය හැටි

Date:

සංචාරක ඉන්දිය කණ්ඩා‍යම සහ එංගලන්ත කණ්ඩා‍යම අතර පැවැත්වෙන 4 වන ටෙස්ට් තරගය අද (23) මැන්චෙස්ටර්හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාගනයේදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඊට හේතුව වූයේ නායක ෂුබ්මන් ගිල් විසින් බෙන් ස්ටොක්ස් යොමු කළ පන්දුවක් නිදැල්ලේ යැවීමට ගත් උත්සාහයකදී එය පා ආවරණයේ වැදී ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී යාමයි.

දැවී යන විට ෂුබ්මන් ගිල් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12(23) ක්.

මෙය ෂුබ්මන් ගිල් ටෙස්ට් පිටියේදී පන්දුව නිදැල්ලේ යැවීමට ගොස් දැවී ගිය සිව්වැනි අවස්ථාවයි. ඉන් අවස්ථා තුනකදීම ඔහු දැවී ගියේ වේග පන්දු යවන්නන් හමුවේයි.

ඔහු ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව මේ දක්වා වන කාලයේදී පන්දුව නිදැල්ලේ හැරීමට ගොස් ගිල්ට වඩා වැඩි අවස්ථා ගණනකදී දැවී යාම්වලට හසුව ඇත්තේ කැමරන් ග්‍රීන් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...