Watch : අන්ඩ්‍රි රසල්ගේ අවසන් ඉනිම මෙන්න

Date:

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අන්ඩ්‍රි රසල් අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා.

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි විස්සයි 20 තරගය සිය අවසන් ජාත්‍යන්තර තරගය බවට ඔහු මීට පෙර නිවේදනය කර තිබුණා.

ඒ අනුව මෙරට වේලාවෙන් අද අලුයම එම තරගය පැවැති අතර, තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 8ක ජයක් හිමි කර ගත්තා.

ජැමයිකාවේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් ලකුණු 172/8 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානුවන් කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 15.2 ක් අවසානයේදීයි. ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 78(33)යි.

මෙම තරගයේදී අන්ඩ්‍රි රසල් ලකුණු 36 ක් ලබා ගත්තේ පන්දු 15 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...