Watch : ලබුෂේන්ගේ කඩුල්ලේ බේල්ස් මාරු කරමින් සිරාජ් අටවපු උගුල සාර්ථක වූ හැටි

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හීදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි අතර, ඔස්ට්‍රේලියානු පිතිකරු මර්නස් ලබුෂේන් හා ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් අතර ඇති වූ යම් වචන හුවමාරුවක් හා අනතුරුව සිරාජ් විසින් පිතිකරණ අන්තයේ කඩුල්ලෙහි බේල්ස්වල පැති මාරු කරමින් ලබුෂේන්ගේ මානසික ඒකාග්‍රතාවය බිද හෙලීමට ගත් උත්සාහයක් අද දිනයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

එම අවස්ථාවේදී ලබුෂේන් විසින් යළිත් වරක් සිරාජ් විසින් මාරු කරන ලද බේල්ස් තිබූ ආකාරයටම මාරු කිරීම කැපී පෙනුණා.

කෙසේ වෙතත්, මේ තුළින් සිරාජ් ප්‍රමුඛ ඉන්දීය ක්‍රීඩකයින්ගේ අපේක්ෂාව වූ ලබුෂේන්ගේ කඩුල්ල දවා ගැනීමේ උත්සාහය සාර්ථක වූ අතර, ලබුෂේන්ට එම සිද්ධියෙන් පසුව කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා වූයේ පන්දු 5 ක් පමණයි.

නිටිෂ් කුමාර්ගේ පන්දුවක් හමුවේ විරාත් කෝලි අතට උඩ පන්දුවක් ලබා දීමෙන් ඔහු දැවී ගියා. දැවී යන විට ඔහු පන්දු 55 කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12 ක්.

බේල්ස් මාරු කළ අයුරු හා දැවී ගිය අයුරු ඇතුළත් දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...