ස්මිත්ගේ හා හෙඩ්ගේ ශතක හමුවේ දෙවැනි දිනයේ සියලු ගෞරව ඔස්ට්‍රේලියාවට

Date:

ට්‍රැවිස් හෙඩ් හා ස්ටීව් ස්මිත් වාර්තා කළ ශතක හමුවේ සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ දෙවැනි දිනය අද(15) නිමා වුණේ දිනයේ සියලු ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

බ්‍රිස්බේන්හි පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 28 ක් ලබා සිටි අතර, ඔවුන් දිනය අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 405 ක් ලබා ගනිමින්.

පළමු කඩුල්ල ලෙස උස්මාන් කවාජා ලකුණු 21 කට දැවී ගිය අතර, නේදන් මැක්ස්වීනි ලබා ගත්තේ ලකුණු 9 ක් පමණයි. මර්නස් ලබුෂේන් ලකුණු 12 කට දැවී ගියා. ඔහුගේ දැවී යාම සිදු වීමට පන්දු කිහිපයකට පෙර මොහමඩ් සිරාජ් විසින් පිතිකරණ අන්තයේ කඩුල්ලෙහි බේල්ස් හුවමාරු කිරීමක් සිදු කිරීම කැපී පෙනුණා.

තෙවැනි කඩුල්ල ලකුණු 75 දී බිද වැටීමෙන් පසුව ස්මිත් හා හෙඩ් 4 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 241 (302) ක්.  දෙවැනි ටෙස්ට් තරගයේදී ද ලකුණු 140 ක් ලබා ගත් ට්‍රැවිස් හෙඩ් අද දිනයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 152 ක්. පන්දු 160 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 18 ක් ඇතුළත්.

කලකට පසු ශතකයක් රැස් කළ සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් ලකුණු 101 ක් ලබා සිටියදී දැවී ගියා. පන්දු 190 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් වුණා. මෙය ඔහුගේ 33 වැනි ටෙස්ට් ශතකයයි.

මිචෙල් මාෂ් ලකුණු 5කටත්, නායක පැට් කමින්ස් ලකුණු 20 කටත් දැවී ගියා. ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 45 ක් හා මිචෙල් ස්ටක් නොදැවී ලකුණු 7ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

යළිත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 72 කට කඩුලු 5 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...