තෙවැනි T20I තරගය වැස්සට සේදෙයි – තරගාවලියේ ජය 2-0 ක් ලෙස දකුණු අප්‍රිකාවට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරුවන්ට සිදු වුණා.

ජොහැනස්බර්ග්හි පැවැත්වීමට නියමිතව තිබූ තරගය කාසියේ වාසිය උරගා බැලීමකින් ද තොරවමයි අත්හැර දැමුණේ.

ඒ අනුව පළමු තරගය ලකුණු 11 කින් ද, දෙවැනි තරගය කඩුලු හතකින් ද ජය ගත් දකුණු අප්‍රිකව තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලිය එළඹෙන 17 වැනිදා Paarl හීදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...