Watch : රින්කුගේ දැවැන්ත හයේ පහරක් මාධ්‍ය කුටියේ වීදුරුව කඩා දැමූ හැටි

Date:

ඉන්දීය පිතිකරු රින්කු සිං එල්ල කළ හයේ පහරක් හේතුවෙන් Gqeberha හි St George’s Park ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටියේ ඉදිරිපස වීදුරුව කැඩී ගොස් තිබෙනවා.

අද රාත්‍රියේ දී දකුණු අප්‍රිකාව සමග ආරම්භ වූ දෙවැනි 20යි 20 තරගයේ දී යි ඔහු මෙම දැවැන්ත හා වේගවත් හයේ පහර එල්ල කළේ.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම පුවත සටහන් කරන අවස්ථාව වන විට ඉන්දීය ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබූ අතර, ඒ වන විට ඔවුන් පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටියා.

ඉන්දීය ඉනිමේ දී සුවිශේෂි ඉනිමක් ක්‍රීඩා කළ රින්කු සිං නොදැවී ලකුණු 68 ක් වාර්තා කළේ පන්දු 39 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු එල්ල කළ හයේ පහර දෙකෙන් එක් පහරක් හේතුවෙනුයි මෙලෙස මාධ්‍ය කුටියේ වීදුරුව කැඩී යාමකට ලක් වුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...